එංගලන්තය සමග පැවැති තීරණාත්මක දෙවන එක්දින ක්රිකට් තරගයෙන් ලකුණු 16ක අත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රි සමත් වුණා.
ලීඩ්ස්හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්ර්රිඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100කදී වේගවත් ලකුණු 121ක් රැස්කළා.
කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් සහ පවන් රත්නායක ලකුණු 48ක් ලබාගනිමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
ලකුණු 322ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් පමණයි.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ටොම් බැන්ටන් ලකුණු 73ක්, ජොස් බට්ලර් ලකුණු 69ක් සහ බෙන් ඩකෙට් ලකුණු 67ක් රැස්කළ ද, ශ්රී ලංකා පන්දු යවන්නන්ගේ නිවැරදි පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ ජයග්රාහී මාවත අහුරා දැමීමට ශ්රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට කඩුලු 3ක් දවාගත් ගත්තා.
එෂාන් මාලිංග සහ දිල්ෂාන් මධුශංක අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගිය.
මෙම ජයග්රහණයත් සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ වීරයා ලෙස විශිෂ්ට ශතකයක් රැස්කළ කුසල් මෙන්ඩිස් සම්මාන ලැබුවා.




