සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ගුවහාටි ACA ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 405ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.
ඒ, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එකම ඉනිමකදී පිතිකරුවන් තිදෙනෙකු ශතක ලබාගත් දෙවන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 406ක් ලබාගනිමින් තරගය ජයගත්තා.
මෙය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹාගිය දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.
ඉන්දීය ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 223ක් රැස් කළ ශුබ්මන් ගිල් එක්දින තරගයකදී ද්විත්ව ශතක දෙකක් ලබාගත් ලොව දෙවන ක්‍රීඩකයා බවට පත්වුණා.
එමෙන්ම එක්දින ඉතිහාසයේ ලකුණු 400ක ඉලක්කයක් හඹායද්දී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා ලෙසද ගිල් ඓතිහාසික වාර්තාවක් පිහිටවනු ලැබුවා.




