මොරිෂස් ජනරජය පරාජය කරමින් තවත් ජාත්‍යන්තර පාපන්දු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඊයේ රාත්‍රී පැවති මෙම තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 3ට 2ක් ලෙසයි.
මොරිෂස් හි Côte d'Or ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී තරගය පැවැත්වුනා.
තරගය ඉතා උණුසුම් කරට කර සටනක් වුවත් ආරම්භයේ සිටම එහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.
තරගයේ 20වන, 40වන සහ 70වන මිනිත්තු වලදී ශ්‍රී ලංකාව ගෝල ලබාගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ගෝල ලබා ගත්තේ භාරත්, නිලෝෂාන් සහ සෑම් ඩූරන්ට් විසින්.
ශ්‍රී ලංකාව මීට පෙර මොරිෂස් සමග පැවති පුහුණු තරඟයද විශිෂ්ට ලෙස ජය ගත්තා.
දෙපිල අතර මෙම තරගාවලියට පෙර මොරිෂස් පාපන්දු පුහුණුකරුවා පැවසුවේ ශ්‍රී ලංකාව යනු පහසු ප්රතිවාදයකු බවයි.
තරගය ජයගැනීම සුළු දෙයක් බවද ඔහු පැවසුවා.
එහෙත් පුහුණු තරඟය ශ්‍රී ලංකාව විසින් විශිෂ්ට ලෙස ජයගැනීම පසු ඔහු කියා සිටියේ සිදුවූයේ නොසිතූ දෙයක් බවයි.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මොරිෂස් සමග මෙම තරගාවලියට පිවිසියේ ඊට පෙර සීෂෙල්ස් සමග පැවති තරගාවලියද විශිෂ්ට ලෙස ජයගනිමින්.
සීෂෙල්ස් රාජ්‍ය පරාජය කරමින් එම තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.




