ශීසෙල්ස් රාජ්‍ය සමඟ පැවති දෙවන පාපන්දු තරඟයද විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රී සමත් වුණා.

ශීසෙල්ස් රාජ්‍යයේදී මාහි දූපත්හි පැවති මෙම තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 2ට 0ක් ලෙසයි.

දෙපිල අතර පැවති පළමු තරඟය ද ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඒ ගෝල 3ට 0ක් ලෙසයි.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමිවුණා.

ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගත්තේ වසර 12ට පසුවීමද විශේෂත්වයක්.

ඊයේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල ලබා ගත්තේ ඩිලන් ඩි සිල්වා සහ වසීම් රාසික් දෙදෙනායි.

ඩිලන් ඩි සිල්වා පළමු ගෝලය වාර්තා කළා.

ඒ තරගයේ 32වන මිනිත්තුවේදීයි.

වසීම් රාසික් තරගයේ 84වන මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළා.