පකිස්ථානය සමග අද පැවති එක් දින කාන්තා ක්‍රිකට් තරගය කඩුලු 8කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රිඩිකාවන් නියමිත පන්දු වාර 50දී කඩුලු පහක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 46යි පන්දු 2දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින්.

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම කලකට පසු අද විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා.

විශ්මි ගුණරත්න පන්දු 123දී ලකුණු 123යි.

එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඊට ඇතුළත් වුණා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 119දී නොදැවී ලකුණු 100යි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු එක් ලකුණකට දැවී ගියා.

අනතුරුව පිටියේ එක් වූ විශ්මි සහ හර්ෂිතා දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 222ක්.

විශ්මී ගුණරත්න තරඟයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.