Thursday, May 1, 2025

General line - 0115112241

පුටීන් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි



රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් යුක්‍රේනයේ දින තුනක සටන් විරාමයක් ප්‍රකාශය පත්කර තිබෙනවා. 

දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී සැමරුම්වලට සමගාමීව මැයි 08 වනදා උදෑසන සිට මැයි 11 වනදා දක්වා එම සටන් විරාමය ක්‍රියාත්මක වන බවයි ක්‍රෙම්ලීනය ප්‍රකාශ කර ඇත්තේ. 

මානුෂීය සලකා බැලීම් මත පදනම්ව එම සටන් විරාමය ප්‍රකාශයට පත් කළ බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශය කර තිබෙනවා. 

යුක්‍රේනය ද මීට සමාන නියෝගයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සටන් විරාමය උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් රුසියාව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කෙසේවෙතත් යුක්‍රේනය ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද එම වාර්තාවල සඳහන්.