Thursday, May 1, 2025

General line - 0115112241

ඩීසල් අඩු වුනත් බස් ගාස්තු වෙනස් නොවේ



රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. 

නෙත් නිවුස වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් මිලෙහි අඩුවීමක් මෙවර සිදුව නොමැති බවයි. 

ඩීසල් මිල රුපියල් 12කින් අඩුවී ඇතත් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි හේතුව කුමක්දැයි නෙත් නිවුස් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන්ද විමසීමක් කළා. 

මේ එහි අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කළද ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය වන්නේදැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.