ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වෙමින් ඇති උණුසුම්කාරී වාතාවරණයට අමෙරිකාවද මැදිහත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
පවතින උණුසුම්කාරී තත්ත්වය සමතයකට පත් කර ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා ඇතැයි සඳහන්.
අමෙරිකාව මෙම ගැටලුවට මැදිහත් වුණේ ඉන්දියාව විසින් පාකිස්ථාන ගුවන් සේවාවලට අයත් සියලු යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරීම තහනම් කර ඇති පසුබිමකයි.
ඊයේ සිට මැයි 23 දක්වා ගුවන් අවකාශය වසා දැමීමටයි ඉන්දියාව පියවර ගෙන ඇත්තේ.
ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ඉන්දියාව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට තමන් වෙත “විශ්වාසදායක බුද්ධි තොරතුරු” ඇති බවටයි පකිස්ථානය ඊයේ චෝදනා කළේ.
මේ අතරතුර ඉන්දීය ඉහළ පෙළේ ආරක්ෂක රැස්වීමකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන ආකාරය, වේලාව සහ ඉලක්කය තීරණය කිරීමට ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ඇති බවයි.