Thursday, May 1, 2025

General line - 0115112241

රඳවාගැනීමේ බද්ද ගැන විශේෂ දැනුම්දීමක්



පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බවයි. 

කෙසේවෙතතත් එවැනි අවසාන දිනයක් නියම කර නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.