Thursday, May 1, 2025

General line - 0115112241

ආණ්ඩුවේ බදු ආදායම ඉහළට



ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ බදු එකතුකරන ආයතනවලට ලබා දී ඇති ඉලක්ක පවා දැන් අබිබවා යමින් ඇති බවයි.

මෙරට විදෙස් සංචිතයද ලබන වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා යනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අනුමාන කර තිබූ ඉලක්ක පවා අබිබවා ගොස් ඇති බවත් සියයට තුනක ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කළද දැන් එය සියයට පහේ සීමාව ඉක්මවා යමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.