Thursday, May 1, 2025

General line - 0115112241

නව පාප් වහන්සේ තෝරා ගැනීම මැයි 07 වනදා



නව පාප් වහන්සේ තෝරා ගන්නා දිනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

වතිකානය පැවසුවේ මැයි මස 07 වනදා නව පාප් වහන්සේ තෝරා ගන්නා බවයි. 

ඊට ලොව පුරා සිටින කාදිනල්වරු 135ක් පමණ සහභාගී වනු ඇති. 

කෙසේවෙතත් මෙම කාදිනල්වරු මුණගැසී නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා කොපමණ දින ගනණක් ගත කරනු ඇතිදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

නව පාප් වහන්සේ තෝරා ගැනීමට කාදිනල්වරුන්ගේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් හිමිවිය යුතුයි.