ජාතික විද්‍යා පදනම, අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා වූ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආයතනය, දකුණු චීන සාගර විද්‍යා පිළිබඳ ආයතනය, සහ දැනුම කලමනාකරණය පිළිබඳ අන්තර්ජාතික ආයතනය එක්ව සංවිධානය කරනු ලබන "නිවර්තන කලාපීය දේශගුණික විපර්යාස සහ කෘෂිකර්මය පිළිබඳ ජාත්‍යාන්තර සම්මේලනය" 2025 මැයි මස 05 සහ 06 යන දෙදින තුළ විද්‍යා සහ තාක්ෂණ ගරු අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
“ගෝලීය ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ජීව විද්‍යාව සහ පරිසරය සියුම් ලෙස සකස් කිරීම” යන කාලෝචිත තේමාව යටතේ පැවැත්වීමට නියමිත මෙම සම්මේලනය සඳහා දේශීය හා කලාපීය විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් සහ කර්මාන්ත වෘත්තිකයන් සමඟ කීර්තිමත් ජාත්‍යන්තර විද්‍යාඥයින් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි.
මෙහි සමාරම්භක උළෙල මැයි 05 වන දින පෙ.ව. 8:50 සිට 9:55 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුවෙහි අරමුණු පහත පරිදි වේ,
• දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
• ජීවනෝපායයන් සහ අහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම.
• තාක්ෂණික දියුණුව ඉදිරියට ගෙන යාම.
• දැනුම හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැපයීම.
• ක්‍රියාවට නැංවිය හැකි ඉදිරි වැඩසටහන් සකස් කිරීම.
මෙම වැඩසටහන නිවර්තන, උපනිවර්තන සහ සෞම්‍ය කලාපවල විශේෂඥයින් එක්සත් කර, අද දවසේ කෘෂිකර්මාන්තයේ ඇති දැඩි අභියෝගවලට මුහුණ දීමට සහ අවස්ථාවන් අත්පත් කර ගැනීමට කටයුතු කරනු ඇත.
විද්‍යාත්මක පර්යේෂණ වලදී නිවර්තන කලාප බොහෝ විට අඩුවෙන් නියෝජනය වන බැවින්, CCATL 2025 මෙම තීරණාත්මක දත්ත පරතරය පියවීම සිදු කරනු ඇත.
සියලු දෙනා එකට එක්ව, පවතින දැනුම සංස්ලේෂණය කිරීමටත්, සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත් සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට සපුරා ලීම පිණිස ඒ කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමටත් මෙහිදී බලාපොරොත්තු වේ.
CCATL Main Flyer by nethsound on Scribd