අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දින හතරක සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා.
ඒ අනුව මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූර කාලයේ සිදු වූ පළමු නිල රාජ්‍ය සංචාරය වනවා.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අමෙරිකානු ජනාධිපතිවරයාට සෞදි ඔටුන්න හිමි කුමරු විසින් සුඛෝපභෝගී දිවා භෝජන සංග්‍රහයක් ද ලබාදී තිබෙනවා.
එම භෝජන සංග්‍රහය සඳහා ටෙස්ලා සමාගමේ අධිපති එලොන් මස්ක් ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංචාරයේ අපේක්ෂාව වන්නේ අමෙරිකාව තුළ සැලකිය යුතු නව ආයෝජන ලබා ගැනීමයි.
මෙම සංචාරයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ගනුදෙනු අතර සෞදි අරාබිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 100කට වඩා වටිනා අමෙරිකානු අවි සහ අනෙකුත් හමුදා උපකරණ මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති බවද වාර්තා වනවා.
ඊශ්‍රායල සහ ගසා තීරය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙසත් අරාබි නායකයින් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.