Tuesday, May 13, 2025

General line - 0115112241

ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් දෙදෙනෙකු දියට බිළි වෙයි

චන්ද්‍රරත්න ඉලංගකෝන්



කුරුණෑගල, ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. 

පාලුකඩවල පිහිටි සිය ඥාතියකුගේ නිවසට පැමිණි සිටි ඔවුන් දෙදෙනා දිය නෑම සඳහා පාලුකඩවල වැවට ගිය අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි දිනිලු අමල්ෂා සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වාසුලි ඉමන්සා යන ගැහැණු ළමුන් දෙදෙනායි.

ඔවුන්ගේ මෘත දේහයන් දැනට ගල්ගමුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඒකකයේ තබා තිබෙනවා. 

ගල්ගමුව පොලීසිය පැවසුවේ අදාළ මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.