ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස පොලිස් වසමේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පසුගිය 05 වනදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ඝාතනය සිදුකර තිබූණා.
ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදීයී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.