Wednesday, May 14, 2025

General line - 0115112241

පුටින් ඉන්දියාවට



සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන්නැයිි ඉන්දියාව කළ ඉල්ලීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයකදී මෙම සංචාරය පිළිබඳ තහවුරු වී ඇති බවයි.

නායකයින් දෙපළ සඳුදා දුරකථන සංවාදයක් පැවැත්වූ හෙයින් වාර්ෂික ඉහළ පෙළේ රැස්වීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිගෙන ඇති බව ක්‍රෙම්ලිනය පවසයි.

ත්‍රස්තවාදයට එරෙහිව සම්මුති විරහිත සටනක අවශ්‍යතාව ද එහිදී නායකයෝ අවධාරණය කළ බව පැවසේ.

"වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස රුසියානු ජනාධිපතිවරයාට කළ ආරාධනය ඉන්දීය නායකයා තහවුරු කළේය. එම ආරාධනය කෘතඥපූර්වකව පිළිගත්තා" යනුවෙන් ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.