මහියංගණය - පදියතලාව මාර්ගයේ 92 කිලෝමීටර් කණුව අසලදී සුඛෝපභෝගි බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අද අළුයම එම බස් රථය විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ බස් රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් ඇතුළු 30 දෙනෙකු රැඳී සිට තිබෙනවා.
කෙසේවෙතත් අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.
එම බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයක නංවා එම ස්ථානයෙන් පිටත් කර හැර තිබෙනවා.
බස් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර වලපනේ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ තවත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී බස් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.
මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ ආපසු මඩකලපුව බලා ධාවන වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු, බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, එම ස්ථානයේ මීට පෙර බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 60 දෙනෙකු පමණ රැඳී සිට තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වලපනේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.