Wednesday, May 14, 2025

General line - 0115112241

ගැරඬිඇල්ල බස් රථ අනතුරින් මියගිය අයට හිමි වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ



කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා.       

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදියි. 

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙනවා. 

එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත් වූ තිස්සමහාරාම, ලු‍ණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඬුවස්නුවර-බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලු‍ව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත එම මුදල් නිකුත් කර තිබෙනවා.