Wednesday, May 14, 2025

General line - 0115112241

විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකුට අපහාස කිරීම වළක්වාලමින් පැනවූ තහනමක් දීර්ඝ කෙරේ

උදය කුමාර



විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා පිළිබඳව නොමග යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීම හා පළ කිරීම වළක්වාලමින් පනවා තිබූ කොන්දේසි සහිත ආඥාව ලබන 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

අධිකරණය විසින් වගඋත්තරකරුට නියෝග කළේ එදිනට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි. 

සිද්ධිය පළමු වගඋත්තරකරු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙවෙනි වගඋත්තරකරු අද දින අධිකරණයේ පෙනී සිටීම නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා. 

මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝග නිකුත් කළේ 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි.