Wednesday, May 14, 2025

General line - 0115112241

කැනඩාවේ ස්මාර්කයට ශ්‍රී ලංකා රජයේ විරෝධය



(Update)

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. 

ඒ, නිවේදනයක් නිකුත් කරමින්. එහි දැක්වෙන්නේ පදනම් විරහිත ජන සංහාර චෝදනා ශ්‍රී ලංකා රජය, තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. 

එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවද එහි සඳහන්. 

කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා එය ප්‍රධාන වශයෙන් ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද කැනේඩියානු මහ කොමසාරිස්වරයා ද හමුවී තිබුණා. 

එහිදී පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.