Thursday, May 29, 2025

General line - 0115112241

රෝහල්වලට බලපෑම් කළ පරිපූරක වර්ජනය අද නතර වන්නේ නැද්ද?



අද උදෑසන 08.00 සිට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් ආරම්භ කළ පැය 24ක වැඩ වර්ජනය තවදුරටත් සිදු වනවා. 

නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් කටයුතුවලට බලපෑම් එල්ල වෙමින් ඇති බවයි. 

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ නිසි විසඳුමක් නොලැබුණහොත් වර්ජනය ඉදිරියේදී අඛණ්ඩව සිදු කරන බවයි.

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

පරිපූරක වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීමේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.