Friday, May 30, 2025

General line - 0115112241

රෝහලෙන් පසු තැපෑලට හැදෙන වැඩවර්ජන ලෙඩේ



ඊයේ දිනය වන විට වර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් යළි කතාබහක් මතු වුණා. 

ඒ, පරිපූරක වෘත්තිකයින්ගේ වැඩවර්ජනයත් සමඟයි. 

එවන් තත්ත්වයක් තුළ සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු පිළිබඳ සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය චමල් සංජීව මහතා මෙලෙස අදහස් පළ කළා.


කෙසේවෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.


සෞඛ්‍ය වර්ජනයෙන් පසු දැන් තවත් වර්ජනයක් පිළිබඳ වාර්තා වනවා.       

ඒ, තැපෑලෙන්. 

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි. 

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 04.00ට ආරම්භ කරන බවද ඔහු පැවසුවා.


පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පැවසුවා.