අනුදි ගුණසේකර, මේ වන විට ශ්‍රී ලංකාවේ කාගේත් ආදරය දිනූ චරිතයක් බවට පත්ව අවසන්.
ඇය දිනෙන් දින ලෝකයම දන්නා චරිතයක් බවට පත්වෙමින් සිටිනවා.
ඒ, ඉන්දියාවේ තෙලන්ගානාහි පැවති 72 වන ලෝක රූ රැජින තරගයේදී මල්ටිමීඩියා චැලේන්ජ් අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට තේරී පත්වෙමින්.
ලෝක රූ රැජින තරගයක එක් තරග අංශයක ඉහළම 20 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණි පළමු අවස්ථාව මෙය බවටද මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම තරගයෙන් පසු අනුදි ගුණසේකර සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් මුදාහැර තිබුණා.
ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා චැලේන්ජ් අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා මුහුණ දෙන අවසාන අභියෝගය හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහි අවසාන ප්‍රතිඵලය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති.
2025 ලෝක රූ රැජින තෝරා ගැනීමේ අවසන් මහා තරඟය මැයි 31 වන දින හයිද්‍රාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.