Friday, May 30, 2025

General line - 0115112241

කොළඹ බලය ඇල්ලූ මාලිමාවේ මෙහෙයුම

එන් ඒ ඩබ් නිරෝෂන්



කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් අද විවිධ අදහස් පළ කළා. 

අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවයි.


කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයේ කණ්ඩායමට හිමිවිය යුතු බවයි.


ප්‍රාදේශීය සභාවල බලය පිහිටු වීමේදී මතු වූ ගැටලු හේතුවෙන් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඒ පිළිබඳ අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.


අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ලිබරල්වාදී කොළ එළිය ජාතික සංවිධානයේ නායක ඒබ්‍රහම් කුරේෂ් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.