Thursday, May 29, 2025

General line - 0115112241

නිළි රැජින මාලිනීට දුන්නේ රාජ්‍ය ගෞරවද? රාජ්‍ය අනුග්‍රහද? - ආණ්ඩුව පටල ගත්තාද?



අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලිනී ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා. 

විපක්ෂයේ නියෝජිතයින් චෝදනා කළේ රජය මින් පෙර මාලිනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදෙන බව පැවසුව ද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කර තිබූ බවයි.


ආණ්ඩුවට රාජ්‍ය ගෞරව සහ රාජ්‍ය අනුග්‍රහය පැටලුනු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වූ සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ. 


මාලිනී ෆොන්සේකා මහත්මියට මීට වඩා වැඩි ගෞරවයක් ලබාදිය යුතුව තිබූ බවයි සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.


දිගින් දිගටම එල්ලවන මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සෘජුව ප්‍රශ්න කළා.


අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.