Thursday, May 29, 2025

General line - 0115112241

ලොව වටා කැරකෙන අලුත් කොවිඩ් ලංකාවටත් එයිද?



ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව යමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ද දැඩි අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


ශ්‍රී ලංකාවට ආසන්නම රට වන ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,000කට වැඩි පිරිසක් මේ වන විටත් වාර්තා වී තීබෙනවා. 

ඒ, දිල්ලි, මහාරාස්ට්‍ර, කේරල සහ ගුජරාට් යන ප්‍රාන්තවලින්. ඉන් වැඩිම පිරිසක් වන 430ක් වාර්තා වී ඇත්තේ කේරල ප්‍රාන්තයෙන්. 

රෝගීන් හඳුනාගෙන ඇති ප්‍රාන්තවල සියලු රෝහල් පෙර සූදානමින් තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ.