Thursday, May 29, 2025

General line - 0115112241

එවරස්ට් නැග ලෝක වාර්තා තබා ඇති වෙන්නේ නැති එවරස්ට් මිනිසා.



“එවරස්ට් මිනිසා” ලෙස හැඳින්වෙන නේපාල ෂර්පා කාමි රීටා, අද නව ලෝක වාර්තාවක් බිහි කළා. 

ඒ, 31 වන වරටත් එවරස්ට් කන්ද තරණය කරමින්. මෙලෙස ඔහු බිඳ හෙලුවේ ලොව උසම කඳු මුදුන අවස්ථා 30කදී තරණය කරමින් ෂර්පා කාමි රීටා විසින්ම බිහි කර තිබූ වාර්තාවක්. 

මීටර් 8,894ක උසකට ළඟා වී මෙම නව ලෝක වාර්තාව බිහි කළ ඔහු 55 හැවිරිදි වියේ පසු වනවා. 

කාමි රීටා ප්‍රථම වරට එවරස්ට් තරණය කළේ 1994 දීයි. එතැන් සිට ඔහු සෑම වසරකම පාහේ කඳු මුදුන තරණය කර තිබෙනවා.

වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කරමින් දෙවන ස්ථානයේ පසුවන්නේ ඔහුගේ සමීපතම තරඟකරුවා වන නේපාලයේ ෂර්පා පසං දාවායි. 

ඔහු 29 වතාවක් එවරස්ට් තරණය කර තිබෙනවා. 

මේ වන විට පවතින්නේ ද එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ සමයයි. 

එය මේ වන විට අවසන් වෙමින් පවතින අතර මේ දක්වා පුද්ගලයින් 500කට වැඩි පිරිසක් සාර්ථකව එවරස්ට් තරණය කර තිබෙනවා. 

නේපාලය විසින් මෙම කඳු තරණය කිරීමේ සමයේදී පමණක් කඳු නැගීමේ බලපත්‍ර 1,000කට වඩා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 

මෑත වසරවලදී එවරස්ට් තරණය කිරීමේ උත්සාහයන් ඉහළ ගොස් ඇති නමුත් මෙමගින් එවරස්ට් පාරිසරික පද්ධතියට බලපෑම් එල්ල කරනු ඇති බවටද පරිසරවේදීන් කනස්සල්ල පළ කරනවා.