රක්ෂිත බන්ධනාගාරගත වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළි මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
ඒ, බන්ධනාගාර වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ මතයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බැවින් තවදුරටත් හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල් තබා ගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොමැති බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඔහු අද පස්වරු 02.00ට පමණ මැගසින් බන්ධනාගාරයට රැගෙන විත් තිබෙනවා.
එම බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ ඔහු රැඳවු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ, තවත් රැඳවියන් 30ක පමණ පිරිසක් සමගින්.
ඔහුගේ සුව දුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයෙකු අද දිනයේ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.