තර්ස්ටන් විද්‍යාලයේ ඉතිහාසය ඇතුලත් "PATH TO RADIANCE" ග්‍රන්ථයේ පළමු වෙළුම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.
එම පොහොසත් ඉතිහාසය වත්මන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ තර්ස්ටන් විද්‍යාලයීය ආදි සිසුන් විසින් පළමු වෙළුම ලියා තිබෙනවා.
මේ පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා
එම සටහන පහතින්
උපුටා ගැනීම
" 1950 වර්ෂයේ දී ආරම්භ කරන ලද තර්ස්ටන් විද්‍යාලය අභිමානවත් මෙන්ම කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියයි.
මෙතෙක් ලේඛන ගතව නොතිබූ එම පොහොසත් ඉතිහාසය වත්මන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ "PATH TO RADIANCE" පළමු වෙළුම ලෙසින් වර්තමාන හා අනාගත දරුවන් වෙත පිළිගන්වා අවසන්ය. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ වත්මන් විදුහල්පති තුමන්ට ද, තර්ස්ටන් විද්‍යාලයීය ආදි සොහොයුරන්ට ද මාගේ ස්තූතිය පිරිනමමි.
එම ග්‍රන්ථය දුටු මා හට තර්ස්ටන් විද්‍යාලයීය ආදි සිසුවෙකු වශයෙන් නිහතමානී ආඩම්බරයක් ඇති වූ බව කිව යුතුය. වසර ගණනාවකට පසු ආදි සොහොයුරන් සමඟ මෙසේ පිළිසඳරක යෙදෙන්නට ලැබීම පිළිබඳ බෙහෙවින් සතුටු වන අතර බොහෝ දරු පරම්පරාවන්ගේ නැණ ගුණ වඩවමින්, අඳුරෙන් ආලෝකය කරා රැගෙන යන්මින්, චිරාත් කාලයක් තර්ස්ටන් විද්‍යාලය වැජඹේවායි ප්‍රාර්ථනා කරමි."
උපුටා ගැන්ම අවසන්