සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පෙත්සම යළි ලබන 11 කැඳවීමට නියමිත අතර එදින තෙක් මෙම පත්වීම් ලබාදීමට අදාළව දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත් අධිකරණය විසින් කළ නියෝගයේ සඳහන්.
මෙම පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට පත්වන උපාධිධාරින් 270 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
විදේශීය හා පුද්ගලික විශ්ව විද්‍යාලවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ටමේ හරහා අවස්ථාව ලැබෙන බවත්, ඒ තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කරනවා.
ඒ අනුව අදාළ පත්වීම් පිරිනැමීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.