ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
එම ධීවර යාත්‍රා දෙක මෙරටට අයත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ.
අදාළ ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැහැ.
එම ධීවර යාත්‍රා දෙක මේ වන විට ගොඩබිම වෙත රැගෙනමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් වෙත පැවසුවා.