චිකුන්ගුන්යා හා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා අනවසර ඉදිකිරීම් ප්‍රධාන හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉදිරිකිරීම් නිම කර නොමැති ගොඩනැගිලි ආශ්‍රිතව වැඩි වශයෙන් මඳුරුවන් බෝ වී ඇති බවයි.
නුදුරේදීම පිහිටුවන පළාත් පාලන ආයතන හරහා චිකුන්ගුන්යා හා ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පැවසුවේ චිකන්ගුන්යා පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශ ද ඒ අතරට අයත්.
චිකන්ගුන්යා රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් රට තුළ සිදුව ඇත්තේ 2006, 2007 සහ 2008 වසරවලදීයි.