නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.
මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 19ක්. තවත් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බවටද වාර්තා පළ වනවා.
පිපිරීමෙන් අළු සහ තැඹිලි පැහැති දුමාරයක් අහස පුරා විසිරී ගිය බවයි ඇසින් දුටුවන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
පිපිරීමෙන් අසල ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා වාහන 55 ක් සහ පුද්ගලයින් 232 ක් මේ වන විටත් එම මෙහෙයුමට එක්ව සිටිනවා.
රසායනික කම්හල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 6 ක් පමණ දුරින් පිහිටි හෝටලයක සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකාවක් පවසා ඇත්තේ තමන්ට ද පිපුරුම් හඬ ඇසුණු බවයි.
පිපිරුම් ශබ්දය මෙන්ම සෙලවීමක් සහ දැඩි සුළඟක් ද කිලෝමීටර් 6 ක් පමණ දුරට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2019 අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති මෙම රසායනික කම්හල හෙක්ටයාර 46 කට වැඩි ඉඩමක පිහිටා ඇති අතර 300 කට අධික පිරිසක් එහි සේවයේ යෙදී සිටිනවා.
එහි පළිබෝධනාශක, ඖෂධ සහ රසායනික සංවර්ධනය කිරීම්, නිෂ්පාදනය කිරීම් සහ අලෙවි කිරීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2015 දී ඊසානදිග චීනයේ ටියැන්ජින් නගරයේදී ද රසායනික ගබඩාවක සිදු වූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.