Monday, April 29, 2024

General line - 0115112241

වසර 54ක රහස් ලිපිගොනු හෙළි කරන්න ට්‍රම්ප් සුදානම් (VIDEO/PHOTOS)




අමරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි (John F. Kennedy) ඝාතනයට අදාළ වසර 54ක රහස්‍ය ලිපිගොනු ඉදිරි සතිය තුළ නිදහස් කරන්නට වත්මන් ජනපති ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1963දී තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාර හමුවේ ජෝන් එෆ් කෙනඩි ජීවිතක්ෂයට පත් වුණා. 

මෙය ඇමරිකානු ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වනවා.

මෙම ඝාතනය පිළිබඳව පොත් දහස් ගණනක්, රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපටි ද රාශියක් නිපදවනු ලැබුවා.

සිද්ධියට සම්බන්ධ ලිපිගොනු රාශියක් මේ වනවිට නිදහස් කළද මෙහි අවසන් ලිපිගොනු තුන්දහස මෙතෙක් නිකුත් නොකෙරුණේ ඒ සඳහා ජනාධිපතිගේ අවසරය නොලැබීම හේතුවෙන්. 

කෙනඩි ඝාතන අවස්ථාව දැක්වෙන පැරණි වීඩියෝව පහතින්.