Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්තාන අගමැති ජනාධිපති ගෝඨාභයට විශේෂ ලිපියක් එවයි




පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි ඊයේ (01) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. ඒ, දෙදින නිල සංචාරයක් අරඹමින්.

අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීයෙකු ද මෙම සංචාරයට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් U L 184 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවුණා. එම පිරිස පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප‍්‍රකාශයක් කළ පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මෙය විශේෂ සංචාරයක් බවයි.

තමන් පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට පැමිණි බව ද අනතුරුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට බලාපොරොත්තු වන බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.