Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය සහ පකිස්තාන ජාතික ආරක්ෂක උපදේශකයන් අතර හමුවක්




ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ පකිස්තාන ජාතික ආරක්ෂක උපදේශක මොයීඩ් යූසූෆ් තජිකිස්තානයේදී හමුවීමට නියමිත බව වාර්තා වේ.

⁣මොවුන් දෙදෙනා මේ සතියේ තජිකිස්තානයේ දූෂාන්බේ අගනුවර පැවැත්වෙන ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ සමුලුවට සහභාගීවීමට නියමිතයි.

එහිදී ⁣ඉන්දීය සහ පකිස්තාන ජාතික ආරක්ෂක උපදේශකයන් අතර වෙනමම සාකච්ඡාවක් පැවත්වනවාද යන්න පිළිබදව මෙතෙක් සනාථ කර නොමැත.

එහෙත්, මෙම රැස්වීම අතරතුර ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට පකිස්තානය සහ ඉන්දියාව අතර යම් සාමකාමී වාතාවරණයක් පැවැතීමද එවැනි හමුවකට ඉඩ සළසනු ඇතැයි විදෙස් විචාරකයෝ සදහන් කරති.

ඉන්දීය සහ පකිස්තාන ජාතික ආරක්ෂක උපදේශකවරැන්ට අමතරව ෂැංහයි කෝපරේෂන් සංවිධානය නියෝජනය කරන රැසියාව,චීනය,කිර්ගීස්තානය,කසකස්තානය , තජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල ආරක්ෂක ප්‍රධානීන්ද මෙම සමුලුවට එක්වීමට නියමිතයි.