Friday, April 26, 2024

General line - 0115112241

චීනයෙන් තවත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 40ක්

ටී කේ ජී කපිල




මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් 2,078 දෙනාත් සමගින් මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 722ක්. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් හාර ලක්ෂ 29,776 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 

ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 59,058 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද 11,938ක් දක්වා ඉහල ගියා. ඒ, ඉකුත් 16වනදා සිදුවූ කොරෝනා මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කිරීමත් සමගින්. 

එම කෙරෝනා මරණ 121න්, මරණ 92ක්ම වාර්තා වන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් අතරින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද අළුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයෙන් මිලදී ගත් එම සයිනොෆාම් එන්නත් තොගය බීජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වැඩිම  එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ දෙවන අවස්ථාව මෙය වනවා.