කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය නොකිරීම හේතුවෙන් අද (19) පස්වරු 2.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුල දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.
ඒ අනුව කාණ්ඩ 04ක් සඳහා පැය 1යි මිනිත්තු 45ක කාලයක් සඳහා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවෙනු ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ.
මේ අතර අප සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ කැලණිතිස්ස විදුලිබලාගාරයට අද පස්වරු 5.00ට ඉන්ධන ලබාදීම සිදුකරනු ලබන බවයි. කෙසේ වුවත් එම ඉන්ධන ටැංකි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පිරිම සඳහා පැය 05කට අධික කාලයක් ගත වෙනු ඇති බවටද ඔහු සඳහන් කර සිටියා.