Friday, April 26, 2024

General line - 0115112241

පළාගොස් සිටි 2500 දෙනෙකු වසංගතය මැදත් යළි චීනයට ගෙන එයි




විවිධ හේතු මත රටින් පළාගොස් විදේශ ගතව ජීවත් වූ  පුද්ගලයන් 2500කට අධික පිරිසක් චීනය විසින් කොරෝනා වසංගතය පැවති ගතවූ වසර දෙක තුළදී යළි සිය රටට රැගෙනවිත් තිබෙනවා.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය සදහන් කරන්නේ 2020 වසරේ දී පුද්ගලයන් 1421 දෙනෙකුත් 2021 වසරේ දී පුද්ගලයන් 1114 දෙනෙකුත් වශයෙන් පුද්ගලයන් 2535 දෙනෙකු මෙළෙස යළි චීනයට රැගෙන විත් ඇති බවයි.

මේ සදහා අනුගමනය කර ඇති ක්‍රම බොහොමයක් අන්තර් ජාතික ප්‍රඥප්ති අවභාවිතා කරන ලද සහ නීතී විරෝධී ඒවා බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් සදහන් කරනවා.

රටින් පළාගොස්  සිටින  සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් යළි සිය රටට රැගෙන ඒම සදහා චීනය විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර ඒ සදහා වරින් වර විවිධ මෙහෙයුම් ද දියත් කරනවා.

2014  වර්ෂයේ සිට මේ දක්වා දියත් කරන  ලද එවැනි වැඩපිළිවෙළ තුලින්  පුද්ගලයන් 10,000 ක් පමණ යළි චීනයට රැගෙනවිත්  ඇති බව සදහන්.