Saturday, April 27, 2024

General line - 0115112241

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ කඩිනමින් නිකුත් කිරීමට පියවර 




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ කඩිනමින් නිකුත් කරණ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ලබන 31වනදා සිට පෙබරවාරී 05වනදා දක්වා කාලය තුළ පාසල් 40කදී සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන නෙත් නිවුස් වෙත පැවසුවේ. 

05 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ගැටළුවක් වාර්තාවී නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අද පෙරවරුවේ නියමිත වේලාවටත් පෙර මහත් උද්යෝගයෙන් විභාග මධ්‍යස්ථාන කරා පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.