Saturday, April 27, 2024

General line - 0115112241

කමිල් මිශාර බංග්ලාදේශ තරඟ සංචාරය අතරතුර යළි දිවයිනට කැඳවයි




බංග්ලාදේශ තරඟ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කමිල් මිශාර යලි දිවයිනට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව විනය විරෝධී චෝදනා එල්ලවීම හේතුවෙන්. 

කමිල් මිශාර යළිත් දිවයිනට පැමිණීමෙන් පසු ඔහුට එරෙහිව එල්ලවී ඇති විනය විරෝධී චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

මේ අතර බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 117 ක් රැස්කරගෙන සිටියා.