Friday, April 26, 2024

General line - 0115112241

විභාග ඇගයිම් ගාස්තු හා රාජකාරි දීමනා තවමත් ගෙවා නොමැති බවට අනාවරණයක්




විභාග පැවැත්වීම සදහා සෑම වසරකම අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණද පසුගිය විභාගවල ඇගයිම් ගාස්තු හා රාජකාරි දීමනා තවමත් ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ විභාග රාජකාරිවල යෙදෙන නිලධාරින් සදහා ලබාදෙන දීමනා ද ප්‍රමාණවත් නොවන බවයි.

විභාග රාජකාරි දීමනා අවම වශයෙන් දෙගුණයකින් වැඩිකල යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් 23 වනදා ආරම්භ වුණා. එම විභාගය ජූනි මස 01 වනදා දක්වා පැවැත්වෙනවා.