Friday, April 26, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි




හෙට සිට ලබන 10 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබෙනවා. ඒ අනුව පස්වරු 06 සිට රාත්‍රී 09 යි 30 දක්වා කාලය තුළ පැයකට සීමාවන පරිදි විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ. 

හෙට සිට ලබන 10 වනදා දක්වා විදුලි කප්පාදුව මෙලෙස පැයකට සීමා වනු ඇති. 

ඒ අනුව ඒ සිට ඩී දක්වා මෙන්ම පී, කිව්, ආර් යන කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 7 යි 30 දක්වා කාලය තුලද, අයි සිට එල් දක්වා මෙන්ම එස්, ටී, යූ  කලාප සඳහා රාත්‍රී 7 සිට රාත්‍රී 8 යි 30 දක්වා කාලය තුළ සහ ඊ සිට එච් දක්වා මෙන්ම වී සහ ඩබ්ලිව් යන කලාප සඳහා රාත්‍රී 08 සිට 09 යි 30 දක්වා කාලය තුළ මෙලෙස පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.