Saturday, April 27, 2024

General line - 0115112241

වරප්‍රසාද අපේක්ෂා නොකර රජයට සහය දෙන බව මෛත්‍රී කියයි




කිසිඳු වරදාන වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව මෙම අසීරු අවස්ථාවේදී රජයට සහය දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම රට තුළ පවතින ගැටළු විසඳීමට හැකි පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබට නොවන බවයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. 

රටවල් අතර පවතින මතගැටුම් සහ යුදමය තත්ත්වයන්ගෙන් මෙරට භූ දේශපාලනයට මෙන්ම ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.  

කොළඹ නව නගර ශාලාවේ අද පැවැති උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.