Thursday, May 9, 2024

General line - 0115112241

හෙටින් ආරම්භ වන සතියට අදාළ ඉන්ධන කෝටාව ගැන දැනුම් දීමක්




හෙටින් ආරම්භ වන සතියට අදාළ ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රී 12 න් පසු ලබාගැනීමට හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේදී පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය ස්වංක්‍රීයව යාවත්කාලීන වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

යතුරු පැදියක් සඳහා සතියකට ඉන්ධන ලීටර් 4 ක්, ත්‍රී රෝද රථයක් සඳහා ඉන්ධන ලීටර් 5 ක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් සඳහා ඉන්ධන ලීටර් 20 ක් වශයෙන් කෝටා ක්‍රමය යටතේ හිමිවනවා. 

කෝටා ක්‍රමය යටතේ ලොරි රථයක් සඳහා සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 50 ක්.