Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනෙකු ජිවිතක්ෂයට




උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසෙන් බහුතරය පාසල් ළමුන් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් පිළිගෙන නැහැ. බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සමන්ගන් පළාතේ අයබක් නගරයේ ආගමික වතාවත් අවසන් කර පැමිණෙමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවයි.
 
පසුගිය වසරේ තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්ථානය නතු කරගැනීමෙන් පසුව විවිධ ප්‍රදේශවල මෙවන් ප්‍රහාර රැසක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.