Friday, April 26, 2024

General line - 0115112241

පාප් වහන්සේ රෝහල් ගත කරයි




ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් ශුද්ධෝත්තම පියතුමන් තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීනු ඇතැයි වතිකානය ද පවසා තිබෙනවා.

86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවැති බව ද සඳහන්. 
කෙසේවෙතත් පාප් වහන්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද තහවුරු වි තිබෙනවා. පාප් වහන්සේගේ ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය ද රෝහල තුළ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එළඹෙන අප්‍රෙල් මාසයේදී ශුද්ධෝත්තම පියතුමන් හංගේරියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ එම සංචාර කල්දමන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.