Thursday, May 2, 2024

General line - 0115112241

වෛද්‍ය සමන් වීරසිංහ පදනම ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 




වෛද්‍ය සමන් වීරසිංහ පදනමෙන් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පැවැත් විය.

ආර්ථික අපහසුතා හේතුවෙන් දිරියක් අවැසි දරුවන් වෙනුවෙන් 2007 වසරේ පටන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 600ක් පමණ ලබා දී ඇති වෛද්‍ය සමන් වීරසිංහ පදනම මෙවර ඒ සඳහා සිසුන් 25 දෙනෙක් තෝරාගෙන තිබුනා.

ඔවුන් සඳහා අඛණ්ඩව වසර දෙකක ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙම ශිෂ්‍යත්ව 600 ඉදිරි වසර 4ක් ඇතුළත ශිෂ්‍යත්ව 1000ක් දක්වා වර්ධනය කිරීම වෛද්‍ය සමන් වීරසිංහ පදනමේ අපේක්ෂාව වී තිබෙන්නේ.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ආර්.එස්.එන් මද්දුමහේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍යනායක සංගමය එක්ව මෙම සද් කාර්යය සංවිධානය කර තිබුනා.