Thursday, May 2, 2024

General line - 0115112241

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ධූරය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට




ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින්.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍යවරයා අතර සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පත්විම සිදු කරනු ලැබූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.  

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වසරේදී රාජ්‍ය සේවයට එක්ව තිබෙනවා. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලබා ඇත්තේ 2000 වසරේදීයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේවනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා.