Sunday, April 28, 2024

General line - 0115112241

චීනයේ විරෝධයකට ඉන්දියාවෙන් ප්‍රතිචාර




චීනය දැක්වූ විරෝධයක් සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.

චීනය එලෙස විරෝධය පළ කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අරුණාචල් ප්‍රදේශ් වෙත සිදු කළ සංචාරයක් සඳහායි.

කෙසේවෙතත් චීනය දැක්වූ විරෝධය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිෂ්වාල් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අරුණාචල් ප්‍රදේශ් සංචාරය සම්බන්ධයෙන් චීන පාර්ශ්වයෙන් කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

ඉන්දීය නායකයින් වරින් වර අරුණාචල් ප්‍රදේශ් වෙත පැමිණෙන අතර එය ද අනෙකුත් ප්‍රාන්තවල සිදු කරන සංචාර වැනි සාමාන්‍ය සිදුවීමක් බව ඔහු පවසා තිබෙනවා.

එවැනි සංචාරවලට හෝ ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ වීම සාධාරණ නොවන බව ද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පැවති, පවතින, සහ සැමවිටම ඉන්දියාවේ ඒකාග්‍ර සහ වෙන් කළ නොහැකි කොටසක් බවට වන යථාර්ථයද  වෙනස් නොවන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිෂ්වාල් පවසා ඇතැයි සඳහන්.

මෙම ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වය අවස්ථා කිහිපයකදීම දැනුවත් කර ඇති බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.